සති 02 ක් තුළ දෙවරක් කොවිඩ් ආසාධනය වූවෙක් පර්ත් නගරයෙන් ???

කොවිඩ් ආසාධිතව හෝටල් නිරෝධායනය අවසන් කර නිවස බලා පිටත්ව ගිය පුද්ගලයෙකු ඊළග දිනයේදී ඉහළ වෛරස් ප්‍රමාණයක් සහිත අයෙකු බවට වාර්තාවීමේ පුවතක් පර්ත් නගරයෙන් වාර්තා වනවා.

නාවික ක්ෂේත්‍රයේ රැකියාව කරන මෙම තැනැත්තා දින 14 ක නිරෝධායනය අවසානයේ පසුගිය සිකුරාදා Pan Pacific හෝටලයෙන් මුදා හැර තිබේ.

එහෙත් ඊට පසු දින ඔහුට සිදුකල කොවිඩ් පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඔහුගේ සිරුරු ඉතා ඉහළ වෛරස් ප්‍රමාණයක් අන්තර්ගත බවයි.

කෙසේවෙතත් මොහු නැවතත් කොවිඩ් ආසාධිතයෙකු යැයි තවමත් ප්‍රකාශ කල නොහැකි බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය Andrew Robertson සඳහන් කලා.

නිරෝධායනයෙන් නිදහස් කිරීමෙන් පසු ඔහු ගොස් ඇත්තේ ෆාමසියකට – දුරකථන මධ්‍යස්ථානයකට සහ අවන්හලක් වැනි ඉතාම සීමිත ස්ථාන කිහිපයකට පමණක් වන අතර එම ස්ථානවල සිටි පුද්ගලයන් සම්බන්ධ කරගැනීම බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් මේ වනවිටත් ආරම්භ කර ඇත.

කොළොම්බියාවේ සිට අමෙරිකාව හරහා මොහු ඔස්ටේ්‍රලියාවට පැමිණ තිබුණේ පසුගිය මස 23 වනදායි.

 

Pic Credit: AAP

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »