
ආහාර බෙදා හරින්නන් සඳහා නව නීති හඳුන්වාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
ඒ අනුව සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් භාවිතය / සෞඛ්‍ය රීති යටතේ නව පුහුණුව / හඳුනාගැනීමේ අංකයක් නිකුත් කිරීම ආදී රෙගුලාසි කිහිපයක් හඳුන්වා දී ඇත.
කෙසේවෙතත් මෙම නව රෙගුලාසි අතිශය දැඩි ස්වභාවයක් ගැනීම හේතුවෙන් ඊට වෘත්තීය සමිති විසින් දැඩි විරෝධයක් පළ කරයි.

දැනටමත් දැඩි පීඩනයක් යටතේ කටයුතු කරන සේවකයන්ට මෙමගින් තවත් බලපෑම් එල්ලවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එබැවින් යෝජිත නව නීති ඉවත් කර නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවටද ඔවුන් අනතුරු අගවා සිටිනවා.

කෙසේවෙතත් ලබන සැප්තැම්බර් මාසය වනවිට මේ සම්බන්ධයෙන් අදහස් විමසා දෙසැම්බර් වනවිට නව නීතිය සම්මත කරගැනීමයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ සැළසුම වී ඇත්තේ.
Pic – AAP