මෙල්බර්න් නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වූයේ හෝටල් නිරෝධායනයේ සිටි ආසාධිතයෙකුගෙන් ??

මෙල්බර්න් නගරයෙන් හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදය බොහෝ දුරට හෝටල් නිරෝධායනයේ යෙදී සිටියදී ආසාධිතයෙකු ලෙස හඳුනාගත් අයෙකුගෙන් ව්‍යාප්ත වන්නට ඇති බවට අනාවැකි පළවනවා.

මහාචාර්ය Sharon Lewin පෙන්වා දෙන්නේ Delta B1617.2 නම් මෙම වෙරසය ආසාධිතයෙකු පසුගිය මාසයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්ද හමුවී ඇති බවයි.

මෑතකදී හඳුනාගත් මෙල්බර්න් කොවිඩ් පොකුරෙන් වාර්තාවූයේ Kappa සහ Delta යන කොවිඩ් ප්‍රභේද 02 පමණක් වන අතර ඒවා ඉන්දියාවෙනුයි පැතිරයාම ආරම්භ වූයේ.

එය ආසාධිතයන් කිහිප දෙනෙකු වාර්තා වුවද Delta B1617.2 නම් නව ප්‍රභේදය දැනට හඳුනාගෙන ඇත්තේ දෙදෙනෙකුගෙන් පමණක් බව සෞඛ්‍ය අංශ සඳහන් කලා.

එබැවින් එහි පැතිරයාම සම්බන්ධයෙන් දැනට බියවිය යුතු නොමැති බවද මහාචාර්ය Sharon Lewin ප්‍රකාශ කලා.

 

Pic – 9News

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »