ඔස්ටේ්‍රලියාව පුරා සාත්තු සේවකයන් අතුරින් කොවිඩ් මාත්‍රා 02 ම ගෙන ඇත්තේ 10% කටත් අඩු පිරිසක්

ඔස්ටේ්‍රලියාව පුරා සාත්තු සේවකයන් අතුරින් කොවිඩ් එන්නතේ මාත්‍රා 02 ම ලබාගෙන ඇත්තේ සියයට 10 කටත් අඩු පිරිසක් බව හෙළි වී තිබේ.

දැනට මෙරට සාත්තු සේවකයන් අතුරින් මාත්‍රා 02 ම ගෙන ඇති සාත්තු සේවකයන් ගණන 32,833 කි.

70,000 ක් පමණ පළමු මාත්‍රාව ගෙන තිබේ.

මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ සිටින සාත්තු සේවකයන් ගණන 366,000 කට ආසන්නය.

මෙල්බර්න් නගරයේ Aged care මධ්‍යස්ථානයකද මේ වනවිට කොවිඩ් ආසාධිතයන් පිරිසක් හමුවීමත් සමග මෙම තත්වය සතුටුදායක නැතැයි විචාරකයන් පෙන්වා දෙයි.

ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් මරණ අතරින් 600 ක් පමණ Aged care මධ්‍යස්ථානවල නේවාසිකයන් බව ද වාර්තාවල සඳහන්.

 

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »