මිනිසුන් නොමැතිව හිස්වූ නිවාස මිලියන 9ත් ඉක්මවා යයි

ජපානයේ හිස් වූ නිවාස සංඛ්‍යාව මිලියන නවයක වාර්තාගත ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට දිනෙන් දින අඩුවෙමින් පවතින ජනගහනය හේතුවෙන් මෙම තත්වය මතුවී ඇති බවයි පැවසෙන්නේ.

සිඩ්නි, බ්‍රිස්බේන් සහ ඇඩිලේඩ්හි සමස්ත ජනගහනයට වඩා ජපානයේ හිස් වූ නිවාස ප්‍රමාණය ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

ජපානයේ අතහැර දැමූ නිවාස අකියා ලෙස හැඳින්වෙන අතර ටෝකියෝ සහ කියෝතෝ වැනි ප්‍රධාන නගරවල වැඩිපුර අකියා දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ.

සෑම වසරකම උපදින දරුවන්ගේ සංඛ්‍යාවේ භයානක පහත වැටීමක් පෙන්නුම් කෙරෙන ජපාන රජය මේ වන විට වයස්ගත ජනගහණයක් සමඟ ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා.

මෙය ජපානයේ ජනගහන පරිහානියේ ලක්‍ෂණයක් බවයි චිබා ජාත්‍යන්තර අධ්‍යයන විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ජෙෆ්රි හෝල් පෙන්වා දෙන්නේ.

අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, ජපානයේ සියලුම නේවාසික දේපළවලින් සියයට 14ක් හිස්ව පවතිනවා.

ජපානයේ ජනගහනය වසර කිහිපයක් තිස්සේ අඩුවෙමින් පවතින අතර 2022 වසරේ අවසාන ගණනය කිරීම් අනුව, ජනගහනය මිලියන 125.4 දක්වා 800,000කින් අඩු වී තිබූ බව සඳහන්.

ජපානයේ උපත් අනුපාතිකය වසර ගණනාවක් තිස්සේ 1.3ක් පමණ වූ අතර, ස්ථාවර ජනගහනයක් පවත්වා ගැනීමට අවශ්‍ය උපත් අනුපාතිකය වන්නේ 2.1ක්.

පසුගිය සතියේ ජපාන අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යාංශය පැවසුවේ වයස අවුරුදු 15 ට අඩු දරුවන්ගේ සංඛ්‍යාව ද අඛණ්ඩව 43 වන වසරටත් වාර්තාගත ලෙස පහත වැටී ඇති බවයි.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »