දෙදින නිල සංචාරයක් සඳහා අගමැති ස්කොට් මොරිසන් නවසීලන්තයට පැමිණ තිබේ.
දෙරටෙහි අගමැතිවරුන් අතර නිල සාකච්ඡාව හෙට පැවැත්වෙනවා.
නවසීලන්තයේ දකුණු දිවයිනේ ක්වීන්ස්ටවුන් හිදී පැවැත්වෙන මෙම සාකච්ඡාවලදී ද්විපාර්ශවික කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති.
අන්තර් ටස්මන් සංචාරක බුබුළ ඇතුලු කරුණු ඊට ඇතුළත්.
නවසීලන්තයේදී අගමැති මොරිසන්ට උණුසුම් පිළිගැනීමක් හිමිව ඇති බවද සඳහන්.