Search

ඊයේ ආසාධිතයන් 05 න් අයෙකුට වෛරසය වැළඳුණේ කෙසේදැයි මතභේදාත්මක තත්වයක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හඳුනාගත් සමාජ සම්ප්‍රේෂණ කොවිඩ් ආසාධිතයන් 05 දෙනා අතුරින් එක් අයෙකුට වෛරසය වැළඳුණේ කෙසේදැයි මේ වනවිට මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබේ.

Maidstone හි aged care මධ්‍යස්ථානයක සේවිකාවක් වන ඇය පසුගිය සතිය තුළ සේවය කර ඇත්තේ සේවා මුර 02 කදී පමණි.

ඇයට වෛරසය වැළඳී ඇත්තේ එහිදී බවට සැක පළවී ඇතත් එම ස්ථානයෙන් මීට පෙර කිසිදු අයෙකුට කොවිඩ් ආසාධනය වී ඇතැයි වාර්තා වන්නේ නැහැ.

මේ අනුව අදාළ aged care මධ්‍යස්ථානයට පිටතින් පැමිණිම සහ පිටත්ව යාම අත්හිටුවා එහි සියල්ලන් කොවිඩ් පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගෙන ඇත.

දැනට එහි සේවය කරන සංඛ්‍යාව 110 කට ආසන්නයි.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »