
ඉන්දීය සහ බි්‍රතාන්‍ය කොවිඩ් ප්‍රභේද මිශ්‍ර වූ නව කොවිඩ් ප්‍රභේදයක් හමුවූ බව වියට්නාම බළධාරීන් පවසනවා.
එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ එම නව ප්‍රභේදය වාතය හරහා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි.
එමෙන්ම මෙම නව ප්‍රභේදය අතිශය භයානක බවද වියට්නාම බළධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

වියට්නාමය සැළකෙන්නේ කොවිඩ් වෛරසය සාර්ථකව පාලනය කල රටක් ලෙසයි.
එහි මේ දක්වා සටහන් වී ඇත්තේ ආසාධිතයන් 6713 ක් පමණක් වන අතර මරණ සටහන්වූයේ 47 ක් පමණයි.
