
ගතවූ දින කිහිපය තුළ මෙල්බර්න් නගරයේ සිට පැමිණි 10,000 කට ආසන්න පිරිසක් වහා කොවිඩ් පරීක්ෂණවලට යොමු කිරීමට Northern Territory බලධාරීන් පියවර ගෙන තිබේ.
මැයි 12 වනදා සිට පැමිණි පිරිස් මේ අතර වන බවයි ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චාර්ල්ස් පේන් කියාසිටියේ.
මේ සඳහා ඩාර්වින් නගරයේ විශේෂ පරීක්ෂා මධ්‍යස්ථානයක්ද පිහිටුවා තිබේ.

දිනකට පුද්ගලයන් 1000 ක් පමණ එහි පරීක්ෂා කල හැකි අතර දින 10 ක් තුළදී අදාළ සියල්ලන් පරීක්ෂා කර අවසන් කිරීමයි Northern Territory බළධාරීන්ගේ සැළසුම වන්නේ.
පැය 72 ක් තුළ ප්‍රථිඵල වාර්තා ලබාදීමටද අපේක්ෂා කෙරේ.
