02 වන වරටත් විවාහය කල් දැමූ මෙල්බන් යුවළක් මංගල්‍යයේ “මල්” වලට කල දේ

දෙවන වරටත් සිය විවාහ මංගල්‍යය කල් දැමීමට සිදුවූ මෙල්බර්න් පෙම්වතුන් යුවළක් ඔවුන් මිළයට ගත් මල් අලෙවි කිරීම සඳහා අපූරු ක්‍රමයක් සොයාගෙන තිබේ.

2018 වසරේදී විවාහ ගිවිසගත් මොවුන් පසුගිය වසරේ එනම් 2020 වසරේ මැයි මාසයේදී විවාහවීමට සූදානමින් සිටියහ.

එහෙත් කොවිඩ් පළමු රැල්ල නිසා ඔවුන්ට ඒ සඳහා අවස්ථාව නොලැබිණ.

මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිත වූ විවාහය දෙවන වරටත් කල් දැමීමට ඔවුනට සිදුවුයේ මෙල්බර්න් නගරය ක්ෂණිකව දින 07 කට Lockdown කිරීමට බළධාරීන් කටයුතු කිරීම හේතුවෙන්.

ඒ අනුව දැනටමත් මිළයට ගෙන තිබූ මල් අලෙවි කිරීමට ඔවුන් යොදාගත් උපක්‍රමය වන්නේ සිය වාහනය තුළ තබා මෙම මල් අලෙවි කිරීමයි.

ඒ අනුව එක් මල් පොකුරක් ඩොලර් 10 සිට ඉහළට වන පරිදි මිළ යොදා අලෙවි කෙරෙන අතර ප්‍රදේශවාසීන්ගෙන් මෙන්ම අසල්වාසී වෙළඳසැල් හිමියන්ගෙන් ඉහළ සහයෝගයක් හිමිවූ බව මොවුන් දෙදෙනා පවසා තිබිණ.

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

AstraZeneca එන්නත ලොව පුරා රටවලින් ඉවත් කර ගැනීම ඇරඹෙයි

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ජනතාවට ලබා ගත හැකි වැඩිදියුණු කළ එන්නත්වල අතිරික්තයක් හේතුවෙන් තම COVID-19 එන්නත ලොව සියලු රටවලින් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca ආයතනය පවසනවා.

Read More »

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »