ජූනි 7 දා අලූයම 4 වන තෙක් සමස්ත ශ්‍රී ලංකාවම Lockdown – AusLanka TV – Australian News for the Sri Lankan community

ජූනි 7 දා අලූයම 4 වන තෙක් සමස්ත ශ්‍රී ලංකාවම Lockdown

ජූනි 7 දා අලූයම 4 වන තෙක් සමස්ත ශ්‍රී ලංකාවම Lockdown

දැනට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලූයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කලේ ඒ අනුව ලබන 31 වනදා සහ ජූනි 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙන බවයි.

මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නිවෙස්වලට සැපයීමට නියමිත බවද ඔහු කියාසිටියා.

සංචරණ සීමා මෙම 31 සහ ජුනි 4 වැනි දා ලිහිල් කිරීමට කලින් තීරණය කර තිබුණද ඉකුත් 25 වැනිදා සංචරණ සීමා ලිහිල් කිරීමේදී රට තුළ වූ වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වෙයි.