
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පිහිටි සිය නිවෙස විකුණා ඇති බව වාර්තා වේ.
මෙල්බර්න් CBD සිට කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි Prahran හි පිහිටි මෙම නවීන මහල් නිවාසය මේ මස මුලදී වෙන්දේසියේ විකුණන ලද නමුත් එහි මිල ගණන් මෙතෙක් අනාවරණය කර නොමැත.
පහළම මාලය තුළ පිවිසුම් ශාලාවක් ඇති අතර එය නිදන කාමර දෙකකට ඉදිකර ඇත.

විවෘත පිවිසුම සහ දර්ශනීය කෑම සාලය මෙන්ම terrace සහිත ප්‍රධාන නිදන කාමරයක් ද එහි තිබී ඇත.
මෙම මහල් නිවාසයෙහි නවීන මුළුතැන්ගෙයක් ඇති අතර මෝටර් රථ දෙකක් බිම් මහලෙහි නවතා තැබිය හැකිය.

මෙම නිවස විකිණීමෙන් පසු දිල්ෂාන් මෙල්බර්න් නුවරම තවත් සුවිසල් නිවෙසක් ගෙන එහි පදිංචියට ගොස් ඇති බව දැනගන්නට ඇත.