සිඩ්නි නගර වාසීන් 40 000 ක් පමණ කොවිඩ් අවධානම් තත්වයේ සිටින බවට සෞඛ්‍ය අංශ විසින් නම් කර තිබේ.
Homebush ආසන්නයේදී අප ජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීම ඊට හේතුවයි.
සිඩ්නි නගරයේ උප නාගරික ප්‍රදේශ 15 ක පමණ වාසය කරන ජනතාවගේ නිවෙස්වල සිට පැමිණෙන අපජලය මෙහිදී පරීක්ෂාවට ලක් කර තිබේ.
විදේශයන් හි සිට පැමිණ නිරෝධායනය වූ පිරිසක්ද මෙම කලාපයේ වාසය කරන බවයි පැවසෙන්නේ.
අදාළ ප්‍රදේශ මෙසේයි.
- Concord
- Concord West
- Homebush
- Homebush West
- Liberty Grove
- Lidcombe
- Newington
- North Strathfield
- Petersham
- Rhodes
- Rookwood
- Silverwater
- Strathfield
- Sydney Olympic Park
- Wentworth Point
සිඩ්නි නගරයෙන් ගතවූ සති 02 කට වැඩි කාලයක සිට කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නැහැ.