Search

Virgin Australia ගුවන් සමාගමෙන් නව ගමනාන්ත 5 ක්

Virgin Australia ගුවන් සමාගම සිය ගුවන් ගමන් වාර වැඩි කිරීමට සැරසේ.

මේ අනුව එක සතියකට ගුවන් ගමන් වාර 700 ක් පමණ ඇරඹීමටත් ඒ ඔස්සේ රැකියා සිය ගණනක් නැවත එක් කිරීමටත් බලාපොරොත්තු වන බව එම සමාගම සඳහන් කරයි.

එමෙන්ම Virgin Australia ගුවන් සමාගම,

  • Sydney සිට Darwin දක්වා
  • Sydney සිට Townsville දක්වා
  • Adelaide සිට Cairns දක්වා
  • Melbourne සිට Townsville දක්වා
  • Perth සිට Cairns දක්වා

නව ගමනාන්ත 5ක්ද එක් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ ඔස්සේ ගුවන් නියමුවන්, ground staff සහ ගමන් මලු හසුරුවන්නන් ඇතුළු ක්ෂේස්ත්‍රයේ රැකියා 250ක් පමණ එක් කිරීමට බලාපොරොත්තු වේ.

මේ අතර සිය ජාත්‍යන්තර ගුවන් කාර්යමණ්ඩලය සඳහා වසර 2ක වැටුප් කප්පාදුවක් සහ රැකියා කප්පාදුවක් සිදු කිරීමට Qantas ගුවන් සමාගම සැරසේ.

(SBS)

පකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

සංචාරක පාකිස්තානු කණ්ඩායම සමග මෙල්බන් හීදී පැවති පළමු තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු නායක Pat Cummins පලමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ථිර රැකියා දෙනවා කියා ශ්‍රී ලාංකිකයෙකුගෙන් රු.මිලියනයක් වංචා කරලා

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට පවසා මුදල් ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පොලිසිට ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Citizenship ගත් ප්‍රධාන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

2023–24 මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලබාගත් සංකමණික රටවල් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

‘වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය’ ජීවිත අවදානම නොතකා සේවයට කැපවූ වීරවරියකට

“වසරේ ඔස්ට්‍රේලියානුවා” සම්මානය සදහා 2024 අප්‍රේල් 13 බොන්ඩි හන්දියේ දී සිදුවූ පිහි ඇනුම්වලට සම්බන්ධ ඝාතකයාව නැවැත්වූ සිඩ්නි පොලිස් නිලධාරියාව නම් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා පොලීසිය වසරක මෙහෙයුමකින් වෙන්න ගිය විශාල අපරාධයක් මැඩලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ඩොලර් බිලියන 50ක් පමණ වටිනාකමින් යුත් රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Read More »