
ඉන්දියාවේ සිටින ඔස්ටේ්‍රලියානුවන් ගෙන්වා ගැනීම යටතේ ඩාර්වින් දක්වා පසුගිය 15 වනදා පැමිණි පළමු ගුවන් යානයේ පැමිණි මගියෙකු කොවිඩ් ආසාධිතයෙකු බවට හඳුනාගෙන තිබේ.
ඔහු Howard Springs නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙකු බව සඳහන්.
අදාළ ගුවන් යානයේ පැමිණි 70 කට ආසන්න අනෙකුත් මගීන් අතරින් වෙනත් කිසිවෙකුටත් වෛරසය වැළඳී නොමැති නමුත් ඔවුන් නැවතත් කොවිඩ් පරීක්ෂණවලට භාජනය කිරීමටද පියවර ගෙන ඇත.

මෙම යානයෙන් පැමිණීමට නියමිතව සිටි තවත් 40 දෙනකු පමණ ඉන්දියාවේදී සිදුකල පරීක්ෂණ ප්‍රථිඵල අනුව ආසාධිතයන් ලෙස තහවුරු වීම නිසා මෙම ගුවන් ගමනට සහභාගීවීමට අවසර නොලැබිණ.
ඉන්දියාවේ සිට මීලග ගුවන් ගමන යෙදී ඇත්තේ ලබන 23 වනදාටයි.
