Skilled Migration Invitation Round ප්‍රකාශයට – IT / Accounting ඉවතට | බහුතරය සෞඛ්‍ය වෘත්තීන්

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2021 අප්‍රේල් මාසයේ ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

2021 අප්‍රේල් මාසයේ ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 500 ක් නිකුත් කර තිබේ.

IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැත.

මෙම කාලය තුළ නිකුත් වී ඇති ආරාධනා පත්‍ර වලින් බහුතරයක් නිකුත් වී ඇත්තේ සෞඛ්‍ය වෘත්තීන් සඳහාය.

කොරෝනා වසංගතයට පෙර සාමන්‍යයෙන් මසකට ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරුණු නමුත් මෙවර එම ප්‍රමාණය 1,840 කින් කප්පාදු කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය පෙන්වන පරිදි ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting ක්ෂේත්‍ර වලට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැත.

ඉංජිනේරු ක්ෂේත්‍රයේ ද Industrial, Mechanical and Production Engineers (Occupation ID: 2335) සහ Other Engineering Professionals  (Occupation ID: 2339) යන වෘත්තීන් සඳහා පමණක් මෙවර වටයේ ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

මෙම කාලය තුළ නිකුත් වී ඇති ආරාධනා පත්‍ර වලින් බහුතරයක් නිකුත් වී ඇත්තේ General Practitione, Medical Practitioner, Psychiatrist, Registered Nurse, Midwife වැනි සෞඛ්‍ය වෘත්තීන් සඳහා බවද පැවසේ.

(SBS / Department of Home Affairs)

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »