ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයෙන් ඩොලර් බිලියන 10 ක නිවාස අරමුදලක්

සිය අයවැය පිළිතුරු කතාව ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය ඉදිරිපත් කල අතර කම්කරු පක්ෂ නායක Anthony Albanese ඩොලර් බිලියන 10ක් වටිනා නිවාස අරමුදලක් සඳහා වන සැලසුම් ඉදිරිපත් කොට තිබේ.

කම්කරු පක්ෂයේ මෙම සැලසුමට අනුව වසර 5ක් කාලයක් ඇතුලත සමාජයට දැරිය හැකි මට්ටමෙන් නිවාස 30,000ක් ඉදිකෙරෙන අතර පවුල් හිංසනයට ගොදුරු වූ කාන්තාවන් සඳහා නිවාස 20,000ක් සහ ඉදිරි පෙළ සේවකයින් සඳහා නිවාස 10,000ක් ලබා දේ.

එමෙන්ම බලශක්ති කර්මාන්තයන්හි ආධුනිකයින් 10,000ක් සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දේ.

මේ අතර කම්කරු පක්ෂ නායක Anthony Albanese සඳහන් කොට සිටින්නේ මෙවර ඕස්ට්‍රේලියා රජයේ අයවැය, තමන් නැවත බලයට තේරී පත්වීම සඳහා වන කෙටි කාලීන ලන්සුවක් වන බවයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »