Day: May 16, 2021

ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයෙන් ඩොලර් බිලියන 10 ක නිවාස අරමුදලක්

සිය අයවැය පිළිතුරු කතාව ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය ඉදිරිපත් කල අතර කම්කරු පක්ෂ නායක Anthony Albanese ඩොලර් බිලියන 10ක් වටිනා නිවාස අරමුදලක් සඳහා වන සැලසුම් ඉදිරිපත් කොට තිබේ. කම්කරු පක්ෂයේ මෙම සැලසුමට අනුව වසර 5ක් කාලයක් ඇතුලත සමාජයට දැරිය හැකි මට්ටමෙන් නිවාස 30,000ක් ඉදිකෙරෙන අතර පවුල් හිංසනයට ගොදුරු වූ කාන්තාවන් සඳහා නිවාස 20,000ක් සහ ඉදිරි පෙළ සේවකයින් සඳහා නිවාස 10,000ක් ලබා දේ. එමෙන්ම බලශක්ති කර්මාන්තයන්හි ආධුනිකයින් 10,000ක් සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දේ. මේ අතර කම්කරු පක්ෂ

Read More »

මෙල්බර්න් South Yarra කාන්තා ඝාතනය : සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

මෙල්බර්න් නගරයේ නිවාස සංකීර්ණයකදී සිදුවූ කාන්තා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. South Yarra හි Surrey පාරේ පදිංචිවී සිටි 63 හැවිරිදි කාන්තාවක ඊයේ රාත්‍රියේ මරණයට පත්වී තිබිණ. රාත්‍රී 09 ට පමණ ඝාතනය සිදුවන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් 41 හැවිරිදි පිරිමි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය වු ස්ථානයේ තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර මරණය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණ වී නොමැත.

Read More »

සිඩ්නි නිරෝධායන සීමා හෙට උදාසන සිට ඉවතට

කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හමුවීමත් සිඩ්නි නාගරික කලාපයට පණවා තිබූ නිරෝධායන සීමා හෙට උදාසන සිට ඉවත් කෙරෙනවා. මේ අනුව මුහුණු ආවරණ සීමා ලිහිල් කිරීම / තැබෑරුම් සම්බන්ධ රෙගුලාසි ලිහිල් කිරීම සිදුවන බවයි වාර්තා සඳහන් කලේ. විනෝදාස්වාදය සම්බන්ධයෙන් පණවා තිබූ රෙගුලාසිද ඉවත් කෙරෙන අතර නර්තන සහ ගායන කටයුතු සඳහා යළිත් අවසර හිමිවනවා. කෙසේවෙතත් පොදු ප්‍රවාහන සේවා වලදී තවදුරටත් මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය නොවුනද එසේ සිදුකල හැකි නම් වඩාත් යෝග්‍ය බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් දන්වා

Read More »

ඔස්ටේ්‍රලියානුවන් පරීක්ෂා කල ඉන්දීය රසායනාගාරය අප්‍රේල් මාසයේදී තහනම් කල එකක්

ඉන්දියාවේ සිට ඔස්ටේ්‍රලියාව දක්වා නැවතත් ගුවන් ගමන් ආරම්භ කරමින් ඊයේ පැමිණි ක්වන්ටාස් ගුවන් යානයේ සිටි මගීන් පරීක්ෂා කල ඉන්දීය රසායනාගාරය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් හටගෙන තිබේ. එම ආයතනය පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දීය රජය විසින් තහණම් කර තිබීම ඊට හේතුවයි. එමෙන්ම ගුවන් යානයේ පැමිනීමට නියමිතව සිට ඒ සඳහා ඉඩ නොලද ඔස්ටේ්‍රලියානුවන් 03 දෙනෙකු මීට දින කිහිපයකට පෙර සෘණාත්මක (Negative) බවටද තහවුරුවී තිබුණා. මේ අනුව පුරවැසියන් ගෙන්වා ගැනීමේදී ඔස්ටේ්‍රලියා රජයේ සහ ක්වන්ටාස් ගුවන් සමාගමේ ක්‍රියාදාමය ගැටලු සහගත බවටයි

Read More »

මාලිංග T20 ලෝක කුසලානය ක්‍රීඩා කරයි ද?

ශ්‍රී  ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමඟ හමුවක් සූදානම් කරමින් සිටින බව වාර්තා වෙනවා. ඒ ඔහු සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. ලසිත් මාලිංග අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයක් ක්‍රීඩා කළේ 2020 වසරේ මාර්තු මාසයේ දීයි. මේ වසරේ IPL තරගාවලියට පෙර ඔහු තමන් සියලුම ආකාරයේ ලීග් තරගාවලිවලින් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ලසිත් මාලිංග තවමත් තමන් විස්සයි විස්ස

Read More »