Search

ඔස්ටේ්‍රලියානුවන් පරීක්ෂා කල ඉන්දීය රසායනාගාරය අප්‍රේල් මාසයේදී තහනම් කල එකක්

ඉන්දියාවේ සිට ඔස්ටේ්‍රලියාව දක්වා නැවතත් ගුවන් ගමන් ආරම්භ කරමින් ඊයේ පැමිණි ක්වන්ටාස් ගුවන් යානයේ සිටි මගීන් පරීක්ෂා කල ඉන්දීය රසායනාගාරය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් හටගෙන තිබේ.

එම ආයතනය පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දීය රජය විසින් තහණම් කර තිබීම ඊට හේතුවයි.

එමෙන්ම ගුවන් යානයේ පැමිනීමට නියමිතව සිට ඒ සඳහා ඉඩ නොලද ඔස්ටේ්‍රලියානුවන් 03 දෙනෙකු මීට දින කිහිපයකට පෙර සෘණාත්මක (Negative) බවටද තහවුරුවී තිබුණා.

මේ අනුව පුරවැසියන් ගෙන්වා ගැනීමේදී ඔස්ටේ්‍රලියා රජයේ සහ ක්වන්ටාස් ගුවන් සමාගමේ ක්‍රියාදාමය ගැටලු සහගත බවටයි චෝදනා එල්ල වන්නේ.

පළමු ගුවන් යානයෙන් ඩාර්වින් දක්වා 150 දෙනෙකු පැමිණිමට නියමිත වුවද ඉන් 40 දෙනෙකු ආසාධිතයන් ලෙස තහවුරුවීමත් තවත් 30 දෙනෙකු ආශ්‍රිතයන් බවට හෙළිවීමත් නිසා ගුවන් ගමනට අවසර හිමිවූයේ නැහැ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »