Search

මාලිංග T20 ලෝක කුසලානය ක්‍රීඩා කරයි ද?

ශ්‍රී  ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමඟ හමුවක් සූදානම් කරමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ ඔහු සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

ලසිත් මාලිංග අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයක් ක්‍රීඩා කළේ 2020 වසරේ මාර්තු මාසයේ දීයි.

මේ වසරේ IPL තරගාවලියට පෙර ඔහු තමන් සියලුම ආකාරයේ ලීග් තරගාවලිවලින් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් ලසිත් මාලිංග තවමත් තමන් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට සමුදෙන බව පවසා නැහැ.

“මම ටෙස්ට් හා එක්දින තරගවලින් විශ්‍රාම ගත්තට තවමත් විස්සයි විස්ස තරගවලින් විශ්‍රාම ගත්තේ නැහැ. තේරීම් කමිටුව මා වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක්ගෙන් ජාතික කණ්ඩායමට ප්‍රයෝජන ගන්නේ කොහොමද කියලා මම බලන් ඉන්නවා. මගේ ක්‍රීඩා ජීවිතේ මම කිහිපවතාවක්ම ඔප්පු කරලා තියෙනවා මට ලොකු විරාමයකින් පසුව වුනත් මගේ රට වෙනුවෙන් හොඳින් දස්කම් දක්වන්න පුළුවන් කියලා” මාලිංග පවසා තිබුණා. 

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »