Search

මෙල්බර්න් කොවිඩ් ආසාධිතයාට වෛරසය වැළඳී ඇත්තේ ඇඩිලේඩ් හෝටලයකදී ???

මෙල්බර්න් නගරයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයාට වෛරසය වැළඳී ඇත්තේ නිරෝධායනයේ සිටියදී දැයි තහවුරු කරගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රධාන සෞඛ්‍ය නිළධාරිනී Nicola Spurrier පැවසුවේ අදාළ හෝටලය තුළදී වෙනත් අයෙකුගෙන් මොහුට කොවිඩ් වැළඳෙන්නට ඇති බවට සැක මතුවී ඇති බවයි.

මේ හා සමාන සිදුවීම් මීට පෙර පර්ත් – බි්‍රස්බන් සහ සිඩ්නි නගරවලින්ද වාර්තා වී තිබුණා.

මේ අනුව අදාල ආසාධිතයා නිරෝධායනයේ යෙදී සිටි ඇඩිලේඩ් Playford හෝටලයේ සිටි සියලු දෙනා මේ වනවිට පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම ඇඩිලේඩ් සහ මෙල්බර්න් ගුවන් තොටුපළවල අදාළ ස්ථානවල සිටි පුද්ගලයන් හඳුනාගැනීමද ආරම්භ කර ඇති බව සඳහන්.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »