
ඉන්දියාවෙන් ගුවන් යානා පැමිණීමට පණවා ඇති බාධා හේතුවෙන් ඔස්ටේරලියානු ජාතික දරුවන් 173 දෙනෙකු දෙමව්පියන් නොමැතිව එරට තුළ සිරවී සිටින බව අනාවරණ වී තිබේ.
විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කල වාර්තාවකයි එය දැක්වෙන්නේ.
මෙම දරුවන්ගෙන් බහුතරයක් ඉන්දියාවේ සිටින සිය ඥාතීන් බැලීම සඳහා ගොස් කොවිඩ් තත්වය හමුවේ එරටින් පැමිණීමට නොහැකිව සිටින අය බව සඳහන්.

දැනට ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇති පිරිස් අතරට මෙම දරුවන් ද ඇතුළත් කර දෙන ලෙසට දෙමව්පියන් දිගින් දිගටම අගමැති මොරිසන්ගේ රජයෙන් ඉල්ලා තිබේ.
එහෙත් රජයෙන් මෙතෙක් සුභවාදී පිළිතුරක් ලැබී නොමැති බවටයි වාර්තා වන්නේ.

COMMENTS