Search

කොවිඩ් එන්නත විදගැනීමට වික්ටෝරියා ප්‍රාන්තවාසීන් අතර දැඩි උනන්දුවක්

වයස අවුරුදු 50 ට වැඩි පිරිසට කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කිරීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ දිනයකට 7000 කට ආසන්න පිරිසක් එය ලබාගෙන තිබේ.

අද අගහරුවාදා දිනයේදී 6923 දෙනෙකු එන්නත ලබාගෙන ඇති බව සඳහන්.

එය පසුගිය සතිය හා සැසඳීමේදී සියයට 105 ක වර්ධනයක්.

මහා පරිමාණ එන්නත්නකරණ මධ්‍යස්ථාන ඇරඹීමත් සමග එන්නත විද ගැනීම සඳහා ජනතාව අතර ඉහළ උනන්දුවක් පවතින බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තවාසීන් 13 000 ක් පමණ දුරකථනය ඔස්සේ අමතා එන්නත ලබාගැනීමට වේලාවක් වෙන් කර ගෙන තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අවසන් වරට කොවිඩ් ආසාධිතයෙකු හමුවී ඇත්තේ දින 67 කට පෙරදීයි.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »