Day: May 4, 2021

Aishwarya Asweth දැරියගේ මරණය : බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විමර්ශනය ප්‍රතික්ෂේප කරයි

නිසි ප්‍රතිකාර නොමැතිව මිය ගිය 07 හැවිරිදි Aishwarya Asweth දැරියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පර්ත් ළමා රෝහලේදී නම් Aishwarya දැරිය මියගියේ මීට දින කිහිපයකට පෙරදීයි. ඇයගේ දෙමව්පියන් විසින් චෝදනා කර තිබුණේ ප්‍රමාණවත් ප්‍රතිකාර නොලැබීම හමුවේ සිය දැරිය මරණයට පත්වු බවයි. ඒ අනුව ඔවුන් රෝහල ඉදිරිපිට නිරාහාර උපවාසයකද නිරත වනවා. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාවක් ලබන සතියේදී එළිදැක්වීමට නියමිතයි. කෙසේවෙතත් ප්‍රාන්ත රජය මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමේ යෝජනාව 49 ට

Read More »

IPL තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමයි

කොවිඩ් අවදානම හමුවේ මෙවර අයි පී එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිඛෙනවා. අයි පී එල් තරග සංවිධායක මණ්ඩලයේ සභාපති බි්‍රජේෂ් පටේල් මහතායි මේ බව නිළ වශයෙන් නිවේදනය කළේ. තරගාවලියේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් හා පුහුණු කාර්ය මණ්ඩලයේ අයෙක් කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු විම හමුවේයි මෙම පියවර ගෙන ඇත්තේ. කොරෝනා ආසාදනය වු පිරිස අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් / චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ පන්දු යැවිමේ පුහුණුකරු වන එස් බලාජි ඇතුලු දෙදෙනෙක් හා කොල්කටා නයිට් රයිඩර්ස්

Read More »

කොවිඩ් එන්නත විදගැනීමට වික්ටෝරියා ප්‍රාන්තවාසීන් අතර දැඩි උනන්දුවක්

වයස අවුරුදු 50 ට වැඩි පිරිසට කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කිරීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ දිනයකට 7000 කට ආසන්න පිරිසක් එය ලබාගෙන තිබේ. අද අගහරුවාදා දිනයේදී 6923 දෙනෙකු එන්නත ලබාගෙන ඇති බව සඳහන්. එය පසුගිය සතිය හා සැසඳීමේදී සියයට 105 ක වර්ධනයක්. මහා පරිමාණ එන්නත්නකරණ මධ්‍යස්ථාන ඇරඹීමත් සමග එන්නත විද ගැනීම සඳහා ජනතාව අතර ඉහළ උනන්දුවක් පවතින බවයි වාර්තා වන්නේ. වික්ටෝරියා ප්‍රාන්තවාසීන් 13 000 ක් පමණ දුරකථනය ඔස්සේ අමතා එන්නත ලබාගැනීමට වේලාවක් වෙන් කර ගෙන තිබෙනවා.

Read More »

විදෙස්ගත රැකියාවක නිරත ලාංකිකයෙකුට රුපියල් කෝටි 64 ක ලොතරැයි දිණුමක්

ඩුබායි හි පෞද්ගලික සමාගමක විකුණුම් වෘත්තිකයෙකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන 36 හැවිරිදි මොහොමඩ් මිෂ්ෆක් Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති බව Gulf News පුවත් සේවය වාර්තා කර සිටී. ඊයේ (03) දිනයේ දී මෙම දිනුම් ඇදීම සිදුකර ඇත. මෙය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රු. මිලියන 643 ක් හෙවත් රු. කෝටි 64 ක් පමණ වේ. මේ වන විට නිවාඩුවක් සඳහා මිෂ්ෆක්

Read More »

ඔස්ටේ්‍රලියාවේ Regional ප්‍රදේශවල රැකියා 66,000 ක් / වැඩිම ඉල්ලුම සූපවේදීන්ට

ඔස්ටේ්‍රලියාවේ නාගරික නොවන (Regional) ප්‍රදේශවල ශ්‍රමිකයන් සඳහා වන ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. එය වසර 10 කට පෙර පතල් කම්කරුවන් සඳහා පැවති ඉල්ලුමද ඉක්මවා යාමක් බවයි සංඛ්‍යාලේඛණ පෙන්වා දෙන්නේ. මේ වනවිට අදාළ ප්‍රදේශවල රැකියා 66 000 ක් පමණ පවතින අතර ඉන් වැඩිම පිරිසක් අවශ්‍ය වී ඇත්තේ සූපවේදීන් (Chef) සඳහායි. කෙසේවෙතත් පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම හමුවේ සේවා යෝජකයන් දැඩි අපහසුතාවයට පත්වී සිටිනවා. මෙම තත්වය සළකා ඉදිරි අයවැයෙන් සංශෝධන කිහිපයක් හඳුන්වාදීමට නියමිත බවයි නියෝජ්‍ය අගමැති

Read More »