නිසි ප්‍රතිකාර නොමැතිව මිය ගිය 07 හැවිරිදි Aishwarya Asweth දැරියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පර්ත් ළමා රෝහලේදී නම් Aishwarya දැරිය මියගියේ මීට දින කිහිපයකට පෙරදීයි.
ඇයගේ දෙමව්පියන් විසින් චෝදනා කර තිබුණේ ප්‍රමාණවත් ප්‍රතිකාර නොලැබීම හමුවේ සිය දැරිය මරණයට පත්වු බවයි.
ඒ අනුව ඔවුන් රෝහල ඉදිරිපිට නිරාහාර උපවාසයකද නිරත වනවා.
මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාවක් ලබන සතියේදී එළිදැක්වීමට නියමිතයි.
කෙසේවෙතත් ප්‍රාන්ත රජය මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමේ යෝජනාව 49 ට 06 ක් ලෙස අද පරාජයට පත්විය.