Search

ඔස්ටේ්‍රලියාවේ Regional ප්‍රදේශවල රැකියා 66,000 ක් / වැඩිම ඉල්ලුම සූපවේදීන්ට

ඔස්ටේ්‍රලියාවේ නාගරික නොවන (Regional) ප්‍රදේශවල ශ්‍රමිකයන් සඳහා වන ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

එය වසර 10 කට පෙර පතල් කම්කරුවන් සඳහා පැවති ඉල්ලුමද ඉක්මවා යාමක් බවයි සංඛ්‍යාලේඛණ පෙන්වා දෙන්නේ.

මේ වනවිට අදාළ ප්‍රදේශවල රැකියා 66 000 ක් පමණ පවතින අතර ඉන් වැඩිම පිරිසක් අවශ්‍ය වී ඇත්තේ සූපවේදීන් (Chef) සඳහායි.

කෙසේවෙතත් පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම හමුවේ සේවා යෝජකයන් දැඩි අපහසුතාවයට පත්වී සිටිනවා.

මෙම තත්වය සළකා ඉදිරි අයවැයෙන් සංශෝධන කිහිපයක් හඳුන්වාදීමට නියමිත බවයි නියෝජ්‍ය අගමැති Michael McCormack සඳහන් කලේ.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »