පර්ත් නගරයට නැවත Lockdown සීමා පැණවීමක් නෑ

පුද්ගලයන් 03 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනා ගැණුනද ඔස්ටේ්‍රලියාවේ පර්ත් නගරයට නැවත සංචරණ සීමා පැණවීමක් සිදු නොකරන බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ආණ්ඩුකාර මාර්ක් මැක්ගෝවන් පවසනවා.

හෝටලයක සේවය කරන ආරක්ෂක නිළධාරියෙකු සහ ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකුයි මෙලෙස ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ.

එහෙත් ඔවුන්ගෙන් කිසිදු සමාජ සම්ප්‍රේෂණයක් සිදුවී නැතැයි තහවුරු වීමත් සමග පර්ත් නගරයට යළිත් සංචරණ සීමා පැණවීමට අවශ්‍යතාවයක් නොමැති බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා ඉසව් කිහිපයක් අවලංගු කර තිබෙනවා.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »