
වසර 05 ක් තුළදී ඔස්ටේ්‍රලියාවේ සාමාන්‍ය නිවාසයක මිළෙහි වැඩිවීම ඩොලර් 150,000 ක් පමණ බවට තක්සේරු කර තිබේ.
මෙල්බර්න් – සිඩ්නි – කැන්බරා නගරවලදී එය ඇතැම්විට ඩොලර් ලක්ෂ 02 පවා ඉක්මවා ගොස් ඇති බවයි නවතම සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ.
2016 දී කැන්බරා නුවර සාමාන්‍ය නිවාසයක් ඩොලර් 550,000 කට මිළදී ගත හැකිව තිබූ නමුත් මේ වනවිට එය ලක්ෂ 07 ද ඉක්මවා ගොස් අවසන්.

2021 මාර්තු කාර්තුව අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ ඉහළතම නිවාස මිල අගයක් පෙන්නුම් කර ඇත්තේ සිඩ්නි නුවරය.
එය ඩොලර් මිලියන 1.3 කි.

2020 දෙසැම්බර් කාර්තුව අවසන් වන විට සිඩ්නි නුවර නිවාස මිල මධ්‍යන අගය පැවතියේ ඩොලර් මිලියන 1.2 ක් ලෙසටය.
මෙල්බර්න් නුවර මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර 2021 මාර්තු කාර්තුව අවසන් වන විට මෙල්බර්න් නුවර නිවාස මිල මධ්‍යන අගය ඩොලර් ලක්ෂ 9.5 ක් පමණ වන බව සඳහන්.
2020 දෙසැම්බර් කාර්තුව අවසන් වන විට එය පැවතියේ ඩොලර් ලක්ෂ 9.3 ක් ලෙසය.
2021 මාර්තු කාර්තුව අවසන් වන විට නිවාස මිල මධ්‍යන අගය ඩොලර් ලක්ෂ 6.3 ක් පමණ වාර්තා කරමින් බ්‍රිස්බේන් නුවර මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානය හිමිකරගෙන ඇත.
2020 දෙසැම්බර් කාර්තුව අවසන් වන විට බ්‍රිස්බේන් නුවර නිවාස මිල මධ්‍යන අගය පැවතියේ ඩොලර් ලක්ෂ 6.2 ක් ලෙසටය.