Search

පර්ත් Lockdown හමුවේ හොරෙන් නවසීලන්තයට පැන්න ඔස්ටේ්‍රලියානුවෙකු දැලේ

පර්ත් නගරයට පණවා තිබු සංචරණ සීමා මධ්‍යයේ නවසීලන්තය බලා පිටත්ව ගිය බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පදිංචිකරුවෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ආරම්භ වී තිබේ.

පර්ත් සිට සිඩ්නි දක්වා ගමන් කර එතැන් සිට ඕක්ලන්ඩ් දක්වා ගුවන් ගතවූ ගුවන් යානයකින් මොහු නවසීලන්තය දක්වා ගමන් කර තිබූ බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

මෙම පුද්ගලයාට එරෙහි නඩු විභාගය අවසානයේදී ඩොලර් 4000 ක දඩයක් හෝ මාස 06 ක සිර දඩුවමක් නියමවනු ඇති.

නවසීලන්තය තුළදී මෙම තැනැත්තා ගමන් කල ස්ථාන පිළිබඳ මේ වනවිට එරට බළධාරීන් විසින්ද විමර්ශන ආරම්භ කර ඇත.

පළමු පී සී ආර් පරීක්ෂණයෙන් මොහු Negative වී ඇති අතර දෙවැනි පරීක්ෂණ්‍ය තවත් දින කිහිපයකින් සිදුකිරීමට නියමිතයි.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »