අගමැති මොරිසන්ගේ ප්‍රකාශයක් නිසා ඉන්දියාවේ සිටින ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයන් දැඩි අපහසුතාවයකට

අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රකාශයක් හේතුවෙන් අයි පී එල් තරගාවලියට සහභාගීවීමට පැමිණි ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයන් පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

අගමැතිවරයා ඊයේ කියාසිටියේ ඉන්දියාවෙන් ඔස්ටේ්‍රලියා ජාතිකයන් ගෙන්වා ගැනීමේදී කිසිවෙකුටත් ප්‍රමුඛත්වයක් නොදෙන බවයි.

එම ප්‍රකාශයත් සමග ඉන්දියාවෙන් වහා පිටත්වීමට සිටි ක්‍රිකට් ක්‍රීඩකයන් දැඩි අසීරුතාවයකටයි ලක්වී සිටින්නේ.

එහෙත් පැට් කමින්ස් ඇතුලු ක්‍රීඩකයන් සඳහන් කර ඇත්තේ තමන් තවදුරටත් ඉන්දියාවේ රැඳී සිටින බවයි.

දැනට ඉන්දියාවේ පවතින සීඝ්‍ර කොවිඩ් අවධානම සමග ඔස්ටේ්‍රලියාව දක්වා ගුවන් ගමන් සිදු කිරීමද ලබන 15 වනදා දක්වා අත්හිටුවා තිබෙනවා.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »