
ඉන්දියාවේ සිට ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සියලුම ගුවන් යානා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
දැනට ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් තත්වය සළකා බලා ලබන මැයි මස 15 වනදා දක්වා මෙම තීරණය ක්‍රියාත්මක කිරීමටයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කර ඇත්තේ.
අද පැවති ඔස්ටේ්‍රලියා ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට පැමිණෙන සෘජු ගුවන් ගමන් සඳහා පමණක් නොව ඩුබායි – සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවල් හරහා පැමිණෙන ගුවන් යානා සඳහාද අදාළ තහනම බලාත්මක වනු ඇති.