Search

වික්ටෝරියා ප්‍රාන්තයේ පාපැදි කරුවන් පසුකර යන වාහන සඳහා අවම දුර ප්‍රමාණයක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග වල පාපැදි කරුවන් පසුකර යන වාහන සඳහා අවම දුර ප්‍රමාණයක් හඳුන්වා දී තිබේ.

එම දුර ප්‍රමාණය අඩංගු නීතිය අප්‍රේල් 26 වන දින සිට බලාත්මක කර ඇත.

ඒ අනුව පැයට කිලෝමීටර 60 ක් දක්වා වූ වේග සීමා ඇති මාර්ගවල පාපැදි කරුවන්ව අභිබවා යාමේදී (overtaking) අවම වශයෙන් මීටරයක පරතරයක් හෝ මෝටර් රථ හිමියන් විසින් තබා ගැනීම අනිවාර්ය වේ.

එමෙන්ම පැයට කිලෝමීටර 60 ට වඩා වැඩි වේග සීමා ඇති මාර්ගවල එම පරතරය මීටර් 1.5 ක් වන බව සඳහන්.

අප්‍රේල් 26 සිට පැයට කිලෝමීටර 60 ක් දක්වා වූ වේග සීමා ඇති මාර්ගවල පාපැදි කරුවන්ව අභිබවා යාමේදී අවම වශයෙන් මීටරයක පරතරයක් මෝටර් රථ හිමියන් විසින් තබා ගත යුතුය.

පැයට කිලෝමීටර 60 ට වඩා වැඩි වේග සීමා ඇති මාර්ගවල එම පරතරය මීටර් 1.5 ක් වන බව සඳහන්.

මෙම නව නීතිය උල්ලංඝනය කළහොත් ඒ මොහොතේම $330 ක දඩයක් පැනවෙන අතර අධිකරණයේදී $1,652 ක දඩයකට යටත් වීමට සිදුවනු ඇත.

මෙම නව නීතිය යටතේ, රියදුරන්ට සහ යතුරුපැදිකරුවන්ට පාපැදි කරුවන්ට අවශ්‍ය ඉඩ ලබා දීම සඳහා මාර්ගයේ පින්තාරු කර ඇති ඉරි මද වශයෙන් කපා ධාවනය කළ හැකිය.

නමුත් ඔවුන්ට ඉදිරියෙන් තම මාර්ගයේ පැහැදිලි ඉඩක් ඇති විට පමණක් එසේ කිරීමට ඉඩ ලැබේ.

මේ අතර පාපැදි කරුවන් ද මාර්ග නීති අනුගමනය කළ යුතුය.

ආරක්ෂාකාරීව පාපැදිය ධාවනය කිරීම, පාපැදි සඳහා වෙන්වූ මං තීරු ඇතිනම් ඒවා නිසි පරිදි භාවිත කිරීම සහ හැරවීමේදී අතින් සංඥාවක් ලබා දීම වැනි නීති පාපැදි කරුවන් ද පිළිපැදිය යුතුය. මෙම නව නීතිය උල්ලංඝනය කළහොත් ඒ මොහොතේම $330 ක දඩයක් පැනවෙන අතර අධිකරණයේදී $1,652 ක දඩයකට යටත් වීමට සිදුවනු ඇත.

එමෙන්ම ඔබේ රියදුරු බලපත්‍රයට demerit points දෙකක්ද ලැබෙනු ඇත.

(SBS)

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »