
Commonwealth බැංකුවේ ඔන්ලයින් බැංකු පද්ධතිය නැවතත් යථා තත්වයට පත් කර තිබෙනවා.
තාක්ෂණික දෝෂයක් හමුවේ එය පැය ගණනක් අක්‍රීයව පැවතුණා.
ඒ අනුව Credit හෝ Debit කාඩ් යන වර්ග දෙකම භාවිතයෙන් ගණුදෙනු කල නොහැකිව පැවති බවටයි පාරිභෝගිකයන් චෝදනා කර තිබුණේ.

එමෙන්ම පාරිභෝගික මධ්‍යස්ථානවල පවා කාඩ් ගණුදෙනු සිදුකල නොහැකිව පැවති බව වාර්තා වනවා.
පාරිභෝගිකයන් මේ සම්බන්ධයෙන් ට්විටර් සමාජ ජාලය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කර තිබූ අතර කොමන්වෙල්ත් බැංකුව පැවසුවේ හටගෙන තිබූ තාක්ෂණික දෝෂය යථා තත්වයට පත්කල බවයි.
