ලාංකිකයන් ගෙන්වීම නතර කර නෑ / එතෙරදී එන්නත් දෙකම ගත්තොත් නිරෝධායනයක් නෑ – AusLanka TV – Australian News for the Sri Lankan community

ලාංකිකයන් ගෙන්වීම නතර කර නෑ / එතෙරදී එන්නත් දෙකම ගත්තොත් නිරෝධායනයක් නෑ

ලාංකිකයන් ගෙන්වීම නතර කර නෑ / එතෙරදී එන්නත් දෙකම ගත්තොත් නිරෝධායනයක් නෑ

විදේශයන්හි සිට කොරෝනා මර්දන එන්නත් දෙකම රැගෙන පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයකින් තොරව පී සි ආර් පරීක්ෂණයක ප්‍රතිඵල මත මුදා හරින බව කොවිඩ්19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කෙසේ වෙතත් විදේශයන්හි සිට පැමිණෙන සෙසු පිරිස් සාමාන්‍ය නිරෝධායන කාලය සම්පූර්ණ කළ යුතු වන බවද යුද හමුදාපතිවරයා කියයි.

මේ අතර වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ගුවන්තොටුපොළ කටයුතු සහ සංචාරකයන් ගෙන්වීමේ කටයුතු සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඉදිරියටම පවත්වා ගෙන යන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

එසේම කොවිඩ් ආසාධිතයින්ගේ වැඩිවුවද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම සීමා කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයිද කී ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි

එම ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාවට නංවා , හැකි උපරිමයෙන් කොවිඩ් පාලනයට සහාය දක්වන ආකාරයෙන් සිදු කිරීමට වගබලා ගන්නා බවද හෙතෙම කියයි.

COMMENTS