ඔස්ටේ්‍රලියාවේ සේවය කරන මිලියන 10 කට වැඩි පිරිසකට බදු සම්බන්ධයෙන් සුභ පුවතක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවේ සේවය කරන මිලියන 10 කට වැඩි පිරිසකට බදු සම්බන්ධයෙන් සුභ පුවතක්

ඔස්ටේ්‍රලියාවේ සේවය කරන මිලියන 10 කට වැඩි පිරිසකට බදු සම්බන්ධයෙන් සුභ පුවතක්

ඔස්ටේ්‍රලියාවේ සේවය කරන්නන් මිලියන 10 කට වැඩි පිරිසකට බදු සම්බන්ධයෙන් සුභ පුවතක් පිළිබඳ වාර්තා වනවා.

ඒ අඩු සහ මැදි ආදායම් ලබන්නන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක බදු කපා හැරීම් ලබන වසරේ අග තෙක් දීර්ඝ කිරීමට අගමැති ස්කොට් මොරිසන් ගේ රජය සූදානම්වීම හේතුවෙන්.

ලබන මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලියට මෙම යෝජනාවද ඇතුළත් වනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මේ අනුව ඩොලර් 48 000 ත් 90 000 ත් අතර වාර්ෂික ආදායම් උපයන්නන් විසින් නියමිත බදු ගෙවීමෙන් පසු ඩොලර් 1080 ක උපරිම දීමනාවක් ගෙවීමේ රජයේ තීරණය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති බව සඳහන්.

ඩොලර් 37,000 ට වඩා අඩු ආදායමක් ලබන කම්කරුවන් සඳහා ඩොලර් 255 ක් දක්වා බදු කප්පාදුවක් සපයයි.

කොරෝනා තත්වයත් සමගයි මෙම යෝජනාව පළමුවෙන් ක්‍රියාත්මක වූයේ.

ඕස්ට්‍රේලියාව වසංගතයෙන් යථා තත්ත්වයට පත්වීම නිසා මොරිසන් රජය එය වසර 2022 දක්වා දීර්ඝ කිරීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ.

මේ සඳහා ෆෙඩරල් රජයට ඩොලර් බිලියන 7 ක් පමණ වැය වේ.

COMMENTS