ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ වැඩසටහනට වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව හෙට සිට ආරම්භවන එන්නත්කරණ වැඩපිළිවෙලේදී වයස අවුරුදු 50 ට වැඩි අයට ප්‍රමුඛත්වය හිමිවනු ඇති.
අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ කැබිනට් මණ්ඩලයද ඊට අනුමැතිය දී ඇති බවයි.
දැනට ප්‍රමාදවී පවතින එන්නත්කරණ වැඩසටහන පිළිබඳ සමාලෝචනයට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ විද්වතුන් සතියකට දෙවරක් රැස්විය යුතු වීම තවත් යෝජනාවක්.