Day: April 20, 2021

ඔස්ටේ්‍රලියාවේ Master Chef තරගාවලියට ලංකාවේ මිනෝලි

ඔස්ටේ්‍රලියාවේ ජනප්‍රිය මාස්ටර් චෙෆ් (MasterChef ) තරගාවලිය සඳහා මෙවරද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක ඇතුළත් වී සිටිනවා. ඇය මෙල්බර්න් හි වාසය කරන මිනෝලි සිල්වා. සංචාරක සහ සංස්කෘතික කටයුතු වෙනුවෙන් තමන් වැඩි නැඹුරුවක් දක්වන බවයි ඇය පැවසුවේ. වෘත්තියෙන් මිනෝලි design engineering manager වරියක ලෙස සේවය කරනවා. තායිලන්තයේ මෙන්ම ඩාර්වින් නගරයේද ගුරුවරියක ලෙස සේවය කර ඇති මිනෝලි ලොව පුරා ආහාර රටා ගැන දක්වන්නේ ඉමහත් උනන්දුවක්. පසුගිය වසරේ පැවති Junior MasterChef Australia’, තරගය ජයග්‍රහණය කල 11 හැවිරිදි ජෝර්ජියා ද

Read More »

Update: ගුවන් සේවකයෙකුට COVID හැදුණත් ඔස්ටේ්‍රලියාව සමග සංචාරක බුබුළට බලපෑමක් නෑ

ඔස්ටේ්‍රලියාව සමග ගුවන් සංචාරක බුබුළ ආරම්භ කර එක් දිනයක් තුළ නවසීලන්තයේ ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවකයෙකු කොව්ඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. වසරකට පමණ කාලයකට පසු ඊයේ දිනයේදී දෙරට අතර ගුවන් මගීන් දහස් සංඛ්‍යාත පිරිසක් සංචාරය කල බව සඳහන්. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය ප්‍රකාශ කලේ අදාළ සේවකයා කොවිඩ් ඉහළ අවධානම් සහගත රටවලින් පැමිණෙන ගුවන් යානා පිරිසිදු කිරීමෙහි නිරත වූවෙකු බවයි. මෙම සිදුවීම හමුවේ ගුවන් සංචාරක බුබුළට කිසිදු බලපෑමක් නොමැති බවද අග්‍රාමාත්‍යවරිය කියාසිටියා.

Read More »

පාස්කු ප්‍රහාරයට හෙටට වසර 02 යි – කාදිනල් හිමිගෙන් විශේෂ ඉල්ලීමක්

හෙටට යෙදී ඇති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් අද පස්වරු 04 ට ආරම්භ වනවා. එය හෙට දහවල් 12 දක්වා පැවැත්වෙනු ඇති. අද සහ හෙට දිනවලදී සියලුම කතෝලික දේවස්ථානවලට උපරිම ආරක්ෂාවක් සළසා ඇති බවයි පොලිසිය සඳහන් කලේ. එමෙන්ම හෙට පෙරවරු 08 යි 45 ට විනාඩි 02 ක නිහඩතාවයක් අනුගමනය කරන ලෙසයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේ. දිවයිනේ සියලු කතෝලික පාසල් සඳහා හෙට

Read More »

ට්‍රාන්ස් ටස්මන් බුබුල විවෘත කිරීමෙන් පසු ඕක්ලන්ඩ් ගුවන්තොටුපල සේවකයෙකුට COVID

ට්‍රාන්ස් ටස්මන් බුබුල විවෘත කිරීමෙන් පසු නවසීලන්තයේ ඕක්ලන්ඩ් ගුවන්තොටුපල සේවකයෙකු COVID-19 ට ධනාත්මක (Positive) බව පරීක්ෂා කර ඇත. බලධාරීන් අඟහරුවාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එය ප්‍රකාශයට පත් කළ අතර, වැඩි විස්තර අද දහවල් ලැබෙනු ඇතැයි කියා සිටියේය. ඕස්ට්‍රේලියානු සංචාරකයින් සඳහා අනිවාර්ය නිරෝධායනය ඉවත් කිරීමෙන් පසු දහස් ගණනක් ටස්මන් මුහුද තරණය කර නවසීලන්තයට ඇතුළු විය. ට්‍රාන්ස්-ටස්මන් බුබුලු ගිවිසුමේ නියමයන් යටතේ ආසාධිතයන් හමුවන සියලු ප්‍රාන්ත, ප්‍රදේශ වෙත නිරෝධායන රහිත ගමන් අත්හිටුවිය හැකිය.

Read More »

Electric මෝටර් රථ මිළදී ගැනීමට ඔස්ටේ්‍රලියානුවන් තුළ වැඩි කැමැත්තක්

විද්‍යුත් (electric ) මෝටර් රථ මිළදී ගැනීමට ඔස්ටේ්‍රලියානුවන් වැඩි කැමැත්තක් දක්වන බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ. කෙසේවෙතත් දැනට වාහන අලෙවි සැල්වල පවතින මෝටර් රථවලින් විද්‍යුත් මෝටර් රථ සංඛ්‍යාව සියයට 01 කටත් අඩුය. ලොව වැඩිම විද්‍යුත් වාහන අලෙවි කරු වන වොක්ස්වැගන් 2020 වසරේදී විද්‍යුත් රථ 212000 ක් අලෙවි කර ඇත. ඉන් එකක් හෝ ඔස්ටේ‍රලියාව තුළ අලෙවි වී නොමැත. මෝටර් රථ අලෙවිකරුවන් ඔස්ටේ‍රලියාව මග හැර යාමට හේතුව විද්‍යුත් වාහනවලට වඩා ඉන්ධන මගින් ධාවනය වන වාහන මිළයට ගැනීම තමන්ට ලාභදායී

Read More »