
Extra leg room පහසුකම වෙනුවෙන් ක්වන්ටාස් ගුවන් සේවය විසින් ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අය කිරීමට සූදානම්වීමේ පුවත් වාර්තා වනවා.
මෙම අත්දැකීමට මුහුණපා ඇත්තේ මෙල්බර්න් හි සිටින විකට නලුවෙකු වන Dave O’Neil.
ඔහු විසින් අන්තර්ජාලය ඔස්සේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් වෙන් කරවා ගැනීමට යාමේදී මෙලෙස අය කිරීමක් සිදුකෙරන බවට දැනුම් දී ඇති බවයි ට්විටර් සටහනක දක්වා තිබුණේ.

මේ සඳහා ඇතැමුන් උපහාසාත්මක සටහන්ද යොදා තිබුණා.
ඇතැමෙකු විමසා තිබුණේ “ඔබ ආසනයක් වෙනුවට මුලු ගුවන් යානයක්ම මිළයට ගැනීමට යනවාද” යන්නයි.

සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ක්වන්ටාස් ගුවන් සේවය තහවුරු කලා.
Dave O’Neil ගෙන් අය කර ඇත්තේ ඩොලර් 70 ක් පමණක් බවයි ඔවුන් අවධාරණය කලේ.