ආසියාවේ මිල අධිකම විසා ගස්තුව ශ්‍රී ලංකාවෙන් බවට චෝදනාවක්

ආසියාව තුල වඩාත්ම මිල අධික  වීසා ගාස්තුව

ශ්‍රී ලංකාවේ  බව සංචාරක ප්‍රමුඛයෝ චෝදනා කරනවා.

මෙලෙස වීසා ගාස්තු ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සංචාරක ප්‍රධානීන් අතර කනස්සල්ලට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් විදේශිකයන් ශ්‍රී ලංකාව අභිබවා වෙනත් රටවල් තෝරා ගැනීමට ඉඩ ඇති බවටයි සංචාරක සමාගම් සැක පල කරන්නේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රධානීන් වීසා ගාස්තු වැඩි කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ අංශයන් වෙත පැමිණිලි කර ඇති අතර, ඔවුන් පවසන්නේ ආසියානු මහාද්වීපයේ වැඩිම වීසා වියදම් ඇත්තේ ශ්‍රී ලංකාවට බවයි.

සංචාරක ප්‍රධානීන් දැනටමත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහට නිල ලිපියක් හරහා වීසා වියදම් අඩු කරන ලෙස ඉල්ලා තිබෙනවා.

මේ වසර අවසානයේදී ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීමේ ඉලක්කය මිලියන 2.5ට ළඟාවීමට නම් විසා ගාස්තු අඩු කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වනවා.

එසේ නොවන්නේ නම් සංචාරකයින් දැන් අඩු වියදම් වීසා ගාස්තු ඇති වියට්නාමය සහ තායිලන්තය වැනි රටවල් සංචාරයන් සදහා තොරා ගනු ඇතැයි අනතුරු අගවා තිබෙනවා

https://visaguide.world/news/sri-lankas-visa-fee-is-now-the-most-expensive-in-asia-tourism-leaders-complain/

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »