ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීමත්, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබාදීමත් අරමුණු කරගනිමින් එම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව සෑම ටෙස්ට් තරග ජයකටම ක්‍රීඩකයෙකුට ඇමරිකානු ඩොලර් 15,000 (රු.ල. 44කට වැඩි) මුදලක් හිමිවේ. මීට පෙර හිමිවූයේ ඇ.ඩො. 7,500ක මුදලක්.

ඊට අමතරව ජයපරාජයෙන් තොරව අවසන් වන තරගයකට ඇ.ඩො. 12,500ක් හෙවත් මෙරට මුදලින් රුපියල් ලක්ෂ 37කට වැඩි මුදලක් හිමිවේ.

එමෙන්ම ටෙස්ට් තරගයක් පරාජය වුවද, ඇ.ඩො. 10,000 (රු.ල. 29කට වැඩි) මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇති බව සඳහන්.

මේ අතර නව තරග ගාස්තු අනුව එක් එක් ක්‍රීඩකයාගේ තරග කොන්ත්‍රාත්තුව මත පදනම්ව සිදුකෙරෙනු ඇති.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »