Search

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් සිරගත වන වැරදී මොනවා ද ?

ඔස්ට්‍රේලියානු සිරකරුවන්ගේ සංඛ්‍යාව සියයට 3කින් ඉහළ ගොස් තිබෙනවා.

 

සංඛ්‍යාලේඛන කාර්යංශ නවතම වාර්තා අනුව පෙනි යන්නේ පසුගිය ජූනි 30 වන දා තෙක් ගතවු මාස 12ක කාලසීමාව තුල සිරකරුවන්ගේ සංඛ්‍යාව 41929 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

 

ඒ අනුව ජනගහනයෙන් ලක්ෂයකට සිරකරුවන් 201 ත් 202ත් අතර ප්‍රමාණයක් සිටින බව සඳහන්.

 

මේ අතර කැපී පෙනෙන ලෙස කාන්තා සිරකරුවන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

 

සංඛ්‍යාලේඛන කාර්යංශ දත්ත අනුව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ සංඛ්‍යාව සියයට 7කින් ඉහළ ගොස් ඇති අරත එම අගය සටහන්ව ඇත්තේ 15937ක් ලෙසයි.

 

දඬුවම් නියම වූ සිරකරුවන් සංඛ්‍යාව 25888 දක්වා ඉහළ ගොස් තිබුණා.

 

පහර දීම වැනි අපරාධ වර්ග සඳහා චෝදනා ලැබූ සිරකරුවන්ගේ සංඛ්‍යාව සියයට 7 කින් ඉහළ ගොස් ඇති අතර ලිංගික අතවර සම්බන්ධ වැරදි හේතුවෙන් සිරගතවූ සංඛ්‍යාව සියයට 6 කින් ඉහළ ගොස් ඇති බව සදහන්.

 

කෙසේ වෙත්ත නීති විරෝධී මත්ද්‍රව්‍ය වැරදි වැනි වැරදි සම්බන්ධයෙන් සිරගතවූ සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කිරීමද විශේෂත්වයක්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »