ක්වීන්ස්ලන්ඩ් හි ඇප කොන්දේසි කඩ කරන තරුණ අපරාධකරුවන්ට වැඩ වරදී

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇප කොන්දේසි කඩ කරන තරුණ අපරාධකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

වැඩබලන සහකාර පොලිස් කොමසාරිස් ඇන්ඩෲ මැසිංහැම් සඳහන් කළේ පසුගිය මාස 12ක කාලසීමාව තුළ තරුණයින් 1144 දෙනෙකුට ඇප වැරදි 8464 ක් කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි

 

එක් වරදකරුවෙකු විසින් සිදු කර ඇති ඇප වැරදි කඩකිරීම් ගණන 7ක් පමණ වන අතර පොලිසිය සඳහන් කළේ මේ සම්බන්ධව දැඩි නීති ක්‍රියාත්මක කරන බවයි.

 

එම කාල සීමාව තුළ බාලවයස්කරුවන් 6000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩි කාලයක් රැඳවුම් භාරයේ සිට ඇති බව සඳහන්.

 

කෙසේ වෙතත් මෙම වසරේ ගතවු පළමු කාර්තුව තුළ තරුණ අපරාධකරුවන්ගේ සංඛ්‍යාව සියයට 11කින් අඩුව පැවැතිය ද ඇප කොන්දේසි කඩ කිරීම් ඊට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

 

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වල  තරුණ අපරාධ සියයට 30 කින් පමණ අඩුවීම තවත් විශේෂත්වයක්.

 

ප්‍රජා ආරක්ෂාව අවදානමට ලක්ව ඇති හෝ දැනටමත් ඇප කඩ කර ඇති අවස්ථාවකදී අපරාධකරුවන්ගේ ඇප අවලංගු කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »