
පාස්කු උත්සවයට දින කිහිපයක් තිබියදී ප්‍රාන්ත සීමා වසා දැමීමත් සමග නිවාඩු ගත කිරීමට යාමට සැළසුම් කල පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සංචාර සංවිධායකයන් පවසනවා.
ඔස්ටේ්‍රලියානුවන්ගෙන් 2/3 ක් පමණ මෙවර පාස්කුව නිවාස තුළදීම ගත කිරීමට මේ වනවිට සැළසුම් කර ඇති බවයි නවතම අධ්‍යයනයක් හෙළි කර ඇත්තේ.
එහෙත් මාර්තු ආරම්භයේදී පැවතියේ මීට හාත්පසින්ම වෙනස් තත්වයක් බව සඳහන්.

ඉදිරි මාස 12 දී අනිවාර්යෙන් සංචාරයක නිරත වන බවට මෙහිදී අදහස් දක්වා තිබුණේ සියයට 32 ක පිරිසක් පමණයි.
නිවු සවුත් වේල්ස් හා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලින් කොවිඩ් ආසාධිතයන් හමුවීමත් සමග මේ වනවිට ප්‍රාන්ත සීමා සැළකිය යුතු මට්ටමකින් වසා දමා තිබෙනවා.
