“එවර් ගිවන්” යළි ගමනේ

දින 06 ක් පුරා සුවස් ඇළ අවහිර කරමින් රැඳී තිබූ එවර් ගිවන් නෞකාව නැවත ගමන් ආරම්භ කර තිබෙනවා.

ඊජිප්තුවේ වේලාවෙන් අද අලුයම 05 යි 42 ට පමණ නෞකාව සිරවී තිබූ වැලි පරයෙන් ඉවතට ගැනීමට හැකිවූ බවයි සහන කණ්ඩායම් ප්‍රකාශ කලේ.

තායිවානය තුළ ලියාපදිංචි එවර්ග්‍රීන් නෞකා සමාගමට අයත් එවර් ගිවන් නෞකාව පැනමා ධජය යටතේ චීනයේ සිට නෙදර්ලන්තය දක්වා ගමන් කරමින් තිබියදීයි පසුගිය අගහරුවාදා වැලි පරයක ගැටීමෙන් සූවස් ඇළ අවහිර කරමින් සිරවීමකට ලක්වූයේ.

දිගින් මීටර් 400 ක දිගකින් සමන්විත මෙම නෞකාව අවහිරවීමත් සමග සූවස් ඇළ ආශ්‍රිතව තවත් නෞකා 300 ක් පමණ අවහිරව පැවති අතර ඉන්ධන / ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිසි ගමනාන්තවලට ළගාවීම ප්‍රමාදවීමත් සමග පැයකට ඩොලර් මිලියන 400 ක පමණ පාඩුවක් සිදුවූ බවටයි තක්සේරු කර තිබුණේ.

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »