Search

අපේ‍්‍රල් 8 සිට මෙල්බර්න් නුවරට යළිත් ජාත්‍යන්තර ගුවන් යානා

මෙල්බර්න් හි ජාත්‍යන්තර ගුවන් ගමන් පාස්කු ඉරිදාට පසුව නැවත ආරම්භ වනු ඇත.

නව ප්‍රභේදයන්ගෙන් බෝවන අවදානම කළමනාකරණයේ කොටසක් ලෙස යම් ආකාරයක නිවාස නිරෝධායනයක් සහ වෙනත් නිරෝධායන විකල්පයන් සලකා බැලීම සඳහා ද අවධානය යොමුවී ඇත.

නිරෝධායන කම්කරුවන් 4,000 කට වැඩි පිරිසකට පළමු වරට එන්නත ලබා ගැනීම, හෝටල්වල වාතාශ්‍රය පිළිබඳ සමාලෝචන සිදු කිරීම සහ වැඩිදියුණු කරන ලද නීති රීති සකස් කිරීමත් සමඟ රජය අපේ‍්‍රල් 8 වනදා සිට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම ආරක්ෂිත බව තීරණය කර තිබේ.

නව තීරණය අනුව අප්‍රේල් 8 සිට පළමු සතිය තුළ මෙල්බර්න් නුවරට ජාත්‍යන්තර ගුවන් මගීන් 800 ක් පමණක් බාරගන්නා අතර අප්‍රේල් 15 සිට එම ප්‍රමාණය සතියකට 1,120 දක්වා ඉහළ දැමීමට ප්‍රාන්ත රජය සූදානම් වේ.

පසුගිය පෙබරවාරි 13 සිට මෙල්බර්න් නුවරට ජාත්‍යන්තර ගුවන් යානා පැමිණීම අත්හිටුවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කළේය.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »