Day: March 26, 2021

අතුරුදහන් වූ මහලු කාන්තාවගේ මෝටර් රථය හමුවෙයි

සතියකට පමණ පෙර ගංවතුර ඇති වූ අවස්ථාවේ දී අතුරුදහන් වූ කාන්තාවකගේ ගිලී ගිය මෝටර් රථය, එම ප්‍රදේශයේ පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඇගේ සිරුර මෝටර් රථය තුළ නොවීය. 78 හැවිරිදි ඇඩෙල් මොරිසන් අවසන් වරට සිය පෝට් මැකරි නිවසින් පිටත්ව ගියේ පසුගිය මාර්තු 17 වන අඟහරුවාදා උදේ 6 ට ය. ඊළඟ දවසේ ඇගේ පවුලේ අය ඇය අතුරුදහන් වූ බව වාර්තා කර තිබේ. බ්‍රහස්පතින්දා පෙරවරු 11.15 ට පමණ ඇගේ ටොයොටා කොරොල්ලා හැච්බැක් රථය පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

Read More »

සිඩ්නි වෙරළ තීර රැසක් හදිසියේ වසා දමයි

ජල ගැලීම් අවධානම හමුවේ සිඩ්නි නගරයේ වෙරළ තීර රැසක් මහජනතාව වෙනුවෙන් වසා දමා තිබෙනවා. ඒවායෙහි පිහිනීම් කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසටයි බළධාරීන් දැනුම් දී ඇත්තේ. ගංවතුර සමග ජනතාවට අහිතකර විවිධ ද්‍රව්‍ය සාගර ජලයට එකතුවීම මීට ප්‍රධාන හේතුවක් වනවා. මෙම නියෝගය ලබන 30 වනදා තෙක් බලාත්මකයි.

Read More »

Westpac ශාඛා 48 ක් වසා දැමේ

අලාභයන් අඩු කර ගැනීමේ අරමුණින් ඔස්ටේ්‍රලියාව පුරා ඇති බැංකු ශාඛා 48 ක් වසා දැමීමට වෙස්ට්පැක් සමූහය තීරණය කර තිබෙනවා. Westpac, St George, Bank SA, Bank of Melbourne නාමයන් යටතේ පවත්වාගෙන යන බැංකු මේ අනුව වසා දැමීමට නියමිතයි. කෙසේවෙතත් මෙමගින් අදාල ශාඛාවල සේවකයන්ගේ රැකියා අහිමිවීමේ අවධානමක්ද උද්ගත වී තිබෙනවා. වසා දැමීමට නියමිත සමස්ත බැංකු ශාඛා ලැයිස්තුව පහතින් Westpac branches 114 William St, Melbourne (VIC) – closing 242 Castlereagh St, Sydney (NSW) – closing Avalon Beach (NSW) – closing Belmont

Read More »

බ්‍රිස්බන් ආසාධිතයා හේතුවෙන් කලාප 100 කට අනතුරු ඇගවීම්

බ්‍රිස්බන් නුවරින් හමුවූ කොවිඩ් ආසාධිතයා හේතුවෙන් උප නාගරික කලාප 100 කට පමණ සෞඛ්‍ය අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. 26 හැවිරිදි මෙම පුද්ගලයා Bunnings සාප්පු සංකීර්ණය ඇතුලු ප්‍රසිද්ධ ස්ථාන රැසක සැරිසරා ඇතැයි වාර්තා වනවා. Brisbane suburbs on COVID alert Albion Alderley Annerley Ascot Ashgrove Aspley Auchenflower Balmoral Banyo Bardon Boondall Bowen Hills Brisbane Airport Brisbane City Bulimba Camp Hill Cannon Hill Chermside Chermside West Clayfield Coorparoo Dutton Park Eagle Farm East Brisbane Enoggera Enoggera Reservoir Everton

Read More »

අපේ‍්‍රල් 8 සිට මෙල්බර්න් නුවරට යළිත් ජාත්‍යන්තර ගුවන් යානා

මෙල්බර්න් හි ජාත්‍යන්තර ගුවන් ගමන් පාස්කු ඉරිදාට පසුව නැවත ආරම්භ වනු ඇත. නව ප්‍රභේදයන්ගෙන් බෝවන අවදානම කළමනාකරණයේ කොටසක් ලෙස යම් ආකාරයක නිවාස නිරෝධායනයක් සහ වෙනත් නිරෝධායන විකල්පයන් සලකා බැලීම සඳහා ද අවධානය යොමුවී ඇත. නිරෝධායන කම්කරුවන් 4,000 කට වැඩි පිරිසකට පළමු වරට එන්නත ලබා ගැනීම, හෝටල්වල වාතාශ්‍රය පිළිබඳ සමාලෝචන සිදු කිරීම සහ වැඩිදියුණු කරන ලද නීති රීති සකස් කිරීමත් සමඟ රජය අපේ‍්‍රල් 8 වනදා සිට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම ආරක්ෂිත බව තීරණය කර තිබේ.

Read More »