
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්මත වෙයි.
එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11 ක් සිය ඡන්දය ප්‍රකාශ කළේය.
තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

යෝජනාවට විරුද්ධව එනම් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කළ රටවල් වන්නේ බංග්ලාදේශය / බොලිවියාව / චිනය / කියුබාව / එරිත්‍රියාව / පකිස්ථානය / පිලිපීනය / රුසියාව / සෝමාලියාව / උස්බකිස්ථානය සහ වෙනිසියුලාවයි.
ඉන්දියාව / ජපානය / බහරේනය / නේපාලය ඉන්දුනීසියාව / ලිබියාව ඇතුලු රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

මහා බ්‍රිතාන්‍යය / දකුණු කොරියාව / ඕස්ට්‍රියාව / බ්‍රසීලය / ඉතාලිය / ජර්මනිය / යුක්රේනය ඇතුලු රටවල් 22 ක් යෝජනාවට පක්ෂවයි ඡන්දය ප්‍රකාශ කළේ.