
අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදුවූ අනතුරකින් ගුවන් හමුදා බළගන නායක නිළධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදාසන සිදුවූ මෙම අනතුරින් තවත් ගුවන් හමුදා සැරයන්වරයෙකු බරපතල තුවාල ලබා රොහල් ගතකර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විf–සිංහ මහතා කියා සිටියේ.
මෙම ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනා අද උදාසන පුහුණුවීමක් සඳහා අඩි 3500ක උසක සිට පැරෂුටයකින් පහතට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී සුළං තත්වයේ සිදුවූ හදිසි වෙනසකින් නිළධාරින් දෙදෙනාගේ පැරෂුට දෙක එකිනෙක පැටලී තිබෙනවා.

පොළවට පතිතවීමට අඩි 40ත් 50ත් අතර පරතරයක් තිබියදී මෙම පැරෂුට දෙක එකිනෙක පැටලී ඉන් අනතුරුව නිළධාරින් දෙදෙනා පහතට ඇද වැටිී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාව අභ්‍යන්තර පරික්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

COMMENTS