
ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වු 19 හැවිරිදි තරුණයෙකු මෙල්බර්න් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ඉස්ලාම් අන්තවාදී නැඹුරුවක් සහිත අයෙකු බවයි වික්ටෝරියා ප්‍රාන්ත නියෝජ්‍ය පොලිස් කොමසාරිස් මික් හර්මන්ස් සඳහන් කලේ.
මොහු සමග 16 හැවිරිදි සහ 20 හැවිරිදි තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වූයේදැයි මේ දක්වා අනාවරණ වී නැහැ.

මොවුන්ට සම්බන්ධ තවත් අය සොයා වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය එපිං නගරය පුරා මේ වනවිට විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.