Day: March 17, 2021

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතත් ලංකාවට ගේන්න යයි

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගැනීමට අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. අද (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ මේ වනවිට මෙරට තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීමේ අඩුවීමක් දක්නට ලැබෙන බවය. “මේ වනවිට කොවිඩ් රෝගීන්ගේ අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විවිධ එන්නත් කෙරෙහි අපේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒ ආයතනවලින් කවුරුහරි නියෝජිතයෙක් ඉල්ලුම් කරන්න ඕනේ ලියාපදිංචි කරන්න. ඊයේ SPC ආයතනයේ සභාපතිතුමා කිව්වා

Read More »

ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වු 19 හැවිරිදි තරුණයෙකු මෙල්බර්න් නගරයේදී අත්අඩංගුවට

ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වු 19 හැවිරිදි තරුණයෙකු මෙල්බර්න් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඉස්ලාම් අන්තවාදී නැඹුරුවක් සහිත අයෙකු බවයි වික්ටෝරියා ප්‍රාන්ත නියෝජ්‍ය පොලිස් කොමසාරිස් මික් හර්මන්ස් සඳහන් කලේ. මොහු සමග 16 හැවිරිදි සහ 20 හැවිරිදි තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වූයේදැයි මේ දක්වා අනාවරණ වී නැහැ. මොවුන්ට සම්බන්ධ තවත් අය සොයා වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය එපිං නගරය පුරා මේ වනවිට විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ක්‍රිකට් වංචා සෙවීමට කොමිසමක් පත් කරන්න – අර්ජුන, අගමැතිගෙන් ඉල්ලයි

අදට වසර 25ක් සපිරෙන “96 ලෝක කුසලාන ක්‍රිකට් විජයග්‍රහණය” වෙනුවෙන් සැමරුම් උත්සවයක් අරලියගහ මන්දිරයේදී පැවැත් වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම ජයග්‍රහණයට උරදුන් අර්ජුණ රණතුංග ප්‍රමුඛ ක්‍රීඩකයින් ඒ සදහා එක්ව සිටියා. කෙසේවෙතත් එම තරගාවලියේ වීරයා වූ සනත් ජයසූරිය මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි තරගාවලියට එක්වීම හේතුවෙන් ඔහු මෙම අවස්ථාවට එක්වී නැහැ. අසංග ගුරුසිංහද නයිජීරියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීම හේතුවෙන් ඔහුද මෙම සැමරුමට එක්වී නැහැ. ඔවුන් දෙදෙනා හැර 96 ශ්‍රී ලංකා ලෝක

Read More »

NSW හි මත්පැන් ශාලා අද සිට නැවතත් විවෘත කිරීමට අවසර

නිව් සවුත් වේල්ස් හි මත්පැන් ශාලා අද සිට නැවතත් විවෘත කිරීමට අවසර දී තිබෙනවා. ඒ අදට යෙදී ඇති ශාන්ත පැටි්‍රක් දින සැමරුමට සමගාමීවයි. කෙසේවෙතත් සිඩ්නි නුවර සොෆිටෙල් හෝටලයේ ආරක්ෂකයෙකුට කොවිඩ් වෛරසය වැළඳීමත් සමග එහි හටගත් අවධානම මෙතෙක් පහව ගොස් නැහැ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් එලෙස කොරෝනා ආසාධිතයෙකු හමුවූයේ දින 55 කට පසුවයි. ඉදිරි සති 03 තුළ නිව් සවුත් වේල්ස් හි අමතර 45 000 ක් දෙනාට කොවිඩ් මර්දන එන්නත ලබාදීමටද සැළසුම් කර තිබෙනවා.

Read More »
MONEY ECONOMY

ඩොලරය රු 200 පනී – ඔස්ට්‍රේලියාවේ සිට මව්බිමට සල්ලි යවන ඔබට පණිවිඩයක්

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.06 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනෙහි දක්වා ඇත. මෙහිදී ගැනුම් මිල රු. 195.28 ක් ලෙසින් වාර්තා වේ. මේ අතර ලංකා බැංකුවට අනුව ඊයේ දින ඩොලරයක විකුණුම් මිල රු. 201.28 කි. එසේම ආනයන සඳහා ඩොලරයක විකුණුම් මිල රු. 202.14 ක් ලෙසින්, ලංකා බැංකු නිල වෙබ් අඩවියෙහි සඳහන් වේ. කෙසේ වෙතත් මහජන බැංකුවට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 205.98 ක්

Read More »